තම අමාත්‍යාංශය අකාර්යක්ෂමයි - රංගේ බණ්ඩාර හා මහින්ද සමරසිංහ යළි පැටලේ

තම අමාත්‍යාංශය අකාර්යක්ෂමයි - රංගේ බණ්ඩාර හා මහින්ද සමරසිංහ යළි පැටලේ

තම අමාත්‍යාංශය අකාර්යක්ෂම අමාත්‍යාංශයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර, එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පිළිගත්තේය.

එමෙන්ම මෙවර අයවැයෙන් අමාත්‍යාංශය සඳහා මුදල් අඩුකිරීම පිළිබඳ මුදල් අමාත්‍යවරයාට ස්තූති කළ රංගේ බංඩාර මහතා සිය අමාත්‍යාංශය මේ වසර තුළ මුදල් යොදවමින් වැඩකර ඇත්තේ 15%ක් පමණ ප්‍රමාණයක් බවද පැවසීය.

වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය තුළ දූෂණ අක්‍රමිකතා රැසක් සිදුවන බවද රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඊට විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ සිය කථාවේදී පිළිතුරු ලබාදුන්නේය.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment