මන්ත්‍රීන්ට වාහන කුලියට දීමේ යෝජනාව අත්හිටුවයි

මන්ත්‍රීන්ට වාහන කුලියට දීමේ යෝජනාව අත්හිටුවයි

ජනතාවගෙන් එල්ල වූ බලවත් විරෝධය හමුවේ මන්ත්‍රීවරු 58ක් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ හතක පමණ කුලියට වාහන ලබාදීම සඳහා රජය ගෙන තිබූ තීරණය අත්හිටුවා තිබේ. 

ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරණ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙම වාහන කුලී දීමනාව ලබාදීමට රජය තීරණය කළ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණයට විරෝධය දක්වා තිබිණි. 

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණය ගන්නා තෙක් අදාළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ වන විට ලබාදෙන රුපියල් ලක්ෂ දෙකක මාසික ප්‍රවාහන දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මන්ත්‍රීවරුන්ට ලැබෙන බදු නිදහස් බලපත්‍රයට අමතරව මෙසේ රුපියල් ලක්ෂ හතක පමණ වියදමකින් මාසික කුලියකට වාහන ලබාදිමට තීරණය කර තිබුණි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment