ලබන 3 දා සිට කහ ඉර සුදු වෙයි

ලබන 3 දා සිට කහ ඉර සුදු වෙයි

පදික මාරු පින්තාරු කිරීම් යාවත්කාලීන කිරීමේදී සුදු වර්ණයෙන් සළකුණු කිරීම ‍‍ලබන දෙසැම්බර් 03 වැනි දා සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති  නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කරයි.

මෙසේ පදික මාරුවල වර්ණය වෙනස් කිරීම අවුරුද්දක කාලයක් තුළ ක්‍රමානුකූලව සිදු කිරීමට නියමිතය. එසේම වර්ෂයක් තුළ මෙම කර්තව්‍ය ඉටු කිරීමේදී විශේෂ වූ මුදල් වියදම් කිරීමකින් තොරව වර්ෂය තුළ කිරීමට නියමිත නඩත්තු කටයුත්තක් සේ සලකා ක්‍රියාකරන බව සභාපතිවරයා පෙන්වා දෙයි. 

මෝටර් වාහන පනතට අනුව 1987 මාර්තු 13 දිනැති සහ අංක 444/18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ග සළකුණු සහ මෝටර් වාහන (සංඥා) පිළිබඳ නියෝග, අංක 02 දරන මෝටර් වාහන සංකේත හා මාර්ග ලකුණු කිරීම්) නියෝග වශයෙන් සංශෝධිත ගැසට් පත්‍රිකාවක් 2015 නොවැම්බර් මස 12 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ප්‍රවාහන හාසිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නියමයෙන් ප්‍රසිද්ධියට පත් කොට ඇත. 

එහි සංශෝධනයන්ට අනුව කලින් කහ වර්ණයෙන් දැක් වූ පදික මාරු සළකුණු සුදු වර්ණයෙන් සළකුණු කළ යුතු බවට දක්වා ඇත. 

එසේම සුදු වර්ණයෙන් ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුව පදික මාරු පින්තාරු කිරීමෙන් මගී ජනතාවට මෙන්ම වාහන පදවන්නන්ට එම පදික මාරුව වඩාත් හොඳින් දර්ශනය වන බැවින් මාර්ග අනතුරු ඇතිවීමේ ප්‍රවනතාවය අඩු කර ගත හැකි බව පෙන්වා දී ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment