පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!

පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!

අවට පරිසරය පිරිසිදු කිරීමේදී යෝගට් කෝප්ප, ‍පොලිතින් ඇතුළු ප්ලාස්ටික් පිළිස්සීම නිසා පිළිකා කාරක ශරීරගතවීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ජාතික විෂ තොරතුරු පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී, කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා අනතුරු අඟවයි.

මේ දිනවල වර්ෂාව සමග ඩෙංගු හිස එසවීම නිසා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන මේ සමයේ ‍පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීමට බොහෝ දෙනා පෙළඹෙන බවත් එය ඉතා හානිකර කටයුත්තක් බවත් ඔහු පෙන්වා දෙයි.

පොලිතින් හා ප්ලාස්ටික් පිළිස්සීමේදී පිටවන කියුරාන් හා ඩයොක්සින් යන විෂ රසායනික ද්‍රව්‍ය දිගු කාලයක් වායුගෝලයේ රැඳී පවතින බවත් මේ රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමෙන් පිළිකා වැළඳීමේ අවදානම ඉතා ඉහළ බවත් වෛද්‍යවරයා පැවැසුවේය.

පරිසරය පිරිසිදු කිරීමේදී දිරාපත් නොවන ‍පොලිතින් සහ ප්ලාස්ටික් කොටස් එකතු කොට ප්‍රතිචක්‍රීකරණ කිරීමට, කසළ ප්‍රතිචක්‍රීකරණය කරන පළාත් පාලන ආයතනවලට දෙන ලෙසට ජනතාවගෙන් වෛද්‍යවරයා ඉල්ල සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment