ප‍්‍රභූන්ට බහු විවාහ අවසර දෙන්න අලූත් ව්‍යවස්තාවෙන් බැරිදැයි ප‍්‍රබල ඇමති අසයි…

‘අලූත් ව්‍යවස්ථාවෙන් මැති ඇමතිවරුන්ට බහු විවාහ කර ගන්නට යෝජනා කරන්නට පුළුවනි නම් මරු’ යයි ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් ආසන්න දිනකදී කොළඹ තරු හෝටලයක පැවති සාදයකදී සිය මිතුරු තවත් ඇමතිවරයෙකු හා පවසා තිබේ.

ඒ වන විටත් හොදින් සප්පායම් වී සිටි ඔවුන් දෙදෙනාම එක්ව මහ හඩින් සිනාසී කතාව අවසන් කර ඇති අතර එවන් කතාවක් ඔහු කියුවේ ඇත්තටමද විහිළුවටදැයි පැහැදිලි නැත.

මැදියම් රැය ආසන්න වන්නට පැවති සාදයකදී මෙසේ පවසා ඇති ඇමතිවරයා සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ ආකාරයේ ආන්දෝලනාත්මක පුවත් පලවිනි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment