හිටපු ජනපතිවරුන් හා මැති ඇමතීන්ට කොළඹින් නිවාස 57ක්!

හිටපු ජනපතිවරුන් හා මැති ඇමතීන්ට කොළඹින් නිවාස 57ක්!

ජනාධිපති, අගමැති, ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපතිවරුන් සඳහා කොළඹ නගරයේ නිවාස 57 ක්‌ ලබා දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

එම නිවාසවල හිටපු ජනාධිපතිවරයෙක්‌, හිටපු ජනාධිපති ආර්යාවක්‌ සහ ඇමැතිවරුන් 25 ක්‌, රාජ්‍ය ඇමැතිවරුන් 7 ක්‌, නියෝජ්‍ය ඇමැතිවරුන් 09 ක්‌, මන්ත්‍රීවරුන් 03 ක්‌ විපක්‍ෂ නායක සහ හිටපු ඇමැතිවරුන් පදිංචිව සිටින බව ද ඇමැතිවරයා පෙරේදා (23) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක දැක්‌වේ.

මේ අතර පැජන්ටි පාරේ නිවාස දෙකක්‌ වර්තමාන ජනාධිපතිවරයා වෙත ලබා දී ඇතැයි ද එම ලේඛනයේ දැක්‌වේ.

මීට අමතරව කැප්පෙටිපොල සමුළු නිවාස සංකීර්ණයේ 2003.05.09 දින සිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා තවමත් පදිංචිව සිටින බව ද රාජ්‍ය ඇමැතිවරයා සභාගත කළ ලේඛනයේ වැඩිදුරටත් දැක්‌වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment