පාසලකින් මීටර 500ක් ඇතුළත දුම්වැටි තහනම් කරනවා -රාජිත


දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමින්  රට පුරා සියලුම පාසල්
ආශ්‍රිතව මීටර් 500ක් දක්වා දුර

ප්‍රමාණයක් දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමට යෝජනා කරන බව  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
 මේ වන විට පාසල් ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අලෙවි කිරීම තහනම් කර ඇත. ඒ ආකාරයට පාසල් අවට ප්‍රදේශවල දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම ද තහනම් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි කීය. තවද පුවක් සහ හුණු ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් පුවක් සහ හුණු භාවිත කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තාවීම බහුල වී තිබෙනවා. එමනිසා හුණු සහ පුවක් වලට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මම පියවර ගන්නා බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment