එක්සත් ජාතීන්ගේ ළමා පදනමේ නියෝජිතයෙක් යාපනයට

එක්සත් ජාතීන්ගේ ළමා පදනමේ නියෝජිතයෙක් යාපනයට

යුද්ධයෙන් පසු අවතැන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා Unicef සංවිධානයේ එක්සත් ජාතීන්ගේ ළමා පදනමේ නියෝජිතයෙකු වන ටීම් සුටෝන් මහතා පසුගිය 21 වැනිදා කිලිනොච්චියේ පිහිටි ඔවුන්ගේ කාර්යාලට පැමිණියේය.

ඉන්පසුව ඒ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.

මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක්වී ඇත්තේ අවතැන් වූ ළමුන් හා කාන්තාවන් පිළිබඳවය.

ඒ මහතා ආණ්ඩුකාරවරයා හමුවේ කියාසිටියේ යුද්ධයෙන් පසු අවතැන් වූ ළමුන් හා කාන්තාවන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බැලීම තම සංචාරයේ ප්‍රධාන අරමුණ බවයි.

එහිදී උතුරු පළාත් සභාව මගින් උතුරේ අවතැන්වූවන්ට අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සේවා යන අංශ වලින් කෙරී ඇති කාර්යයභාරය මොනවාද යන්න පිළිබඳව ද සාකච්ඡා කොට තිබේ.

ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් කියාසිටියේ උතුරේ වැන්දඹු කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට නිවාස යෝජනා ක්‍රම මගින් නිවාස ලබාදෙමින් සිටිව බවත් ඔවුන්ගේ අධ්‍යාපනය ලබන වයසේ සිටින ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරමින් යන බවත්ය.

එමෙන්ම අඩු වයස් විවාහ හේතුවෙන් ඇතිවී ඇති ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලක්වා ගැනීම බරපතල කාරණයක් වී ඇති බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ මිනිසුන්ගේ අධ්‍යාත්මය සුවපත් කිරීමට කටයුතු සලසමින් සිටින බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment