අමරදේවයන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ඉල්ලයි

අමරදේවයන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ඉල්ලයි

අද (03) උදෑසන අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාරදීමට නියමිත දිනය ජාතික ශෝක දිනයක්  ලෙස ප්‍රකාශයට පත්කරන්නැයි කලාකරුවන් පිරිසක් ඉල්ලා සිටී.

කලා ශිල්පී මධු මාධව අරවින්ද මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අභවප්‍රාප්ත විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment