ඩෙංගු අවධානම ගැන අනතුරු ඇඟවීමක්

ඩෙංගු අවධානම ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

2016 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 44,822 වාර්තා වී ඇති බවත් කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල, යාපනය සහ මාතර යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (08) නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.

ඉදිරියේදී ඩෙංගු මදුරු මර්දනය සඳහා ක්‍ෂේත්‍ර පරීක්ෂකවරුන් 1,500ක් කඩිනමින් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම මස 10 වැනිදා හා 11 වැනිදා යන දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment