කටුබැද්ද කැම්පස් බිල්ඩිමේ මේසන් බාස් ගෝලයාට මිටියෙන් ගහලා මරලා

මේසන් බාස් විසින් තම ගෝලයාට මිටියෙන් ඔළුවට ගසා ඝාතනය කර මළසිරුර ළිඳකට දමා තිබියදී සොයාගත් බව මොරටුව පොලිසිය කියයි.
කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඉදිකරගෙන යනු ලබන ගොඩනැඟිල්ලක
අත්උදව්කරුවකු ලෙස සැකකාර මේසන්වරයා යටතේ සේවය කර ඇති මියගිය තරුණයා කටුබැද්ද මෝලපාරේ තාවකාලික නිවාසවල නතරව සිට ඇත.

පසුගිය පස්වැනි දින මොහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ මිතුරකු විසින් මොරටුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මොරටුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දමිත පෙරේරා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් මෙම ප්‍රදේශය පරීක්‍ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ළිඳක දමා තිබූ මළසිරුර සොයාගෙන තිබිණි.
සුන්නියා පාර කල්මුණේ පදිංචි වේලුපිල්ලේ විවේකානන්දන් නමැති තරුණයකු මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.
නවතැන්පොළේ ලේ තැවරී තිබූ මිටියක් සොයා ගැනීමෙන් අනතුරුව සැකකාර මේසන් බාස් අත්අඩංගුවට ගෙන තිබිණි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment