යට ඇඳුම් හොරකමේ යන කොහුවල මේසන් බාස් CCTV යෙන් මාට්ටු


කොහුවල ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රි කාලයේ රහසිගතව ඇතුළු වී එහි ඉහළ මාලයක බැල්කනියක වනා දමා
තිබූ එම නිවෙසේ මවට හා දියණියට අයත් යට ඇඳුම් සොරාගෙන එම ස්ථානයේ මලපහ කර ගිය බව කියන පෙදරේරුවකු මෙම 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න

මහතා සැකකරු සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (8දා) නියෝග කළේය.

ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන 21 හැවිරිදි තරුණ පෙදරේරුවකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පොලිසිය පවසන්නේ සැකකාර පුද්ගලයා දින කීපයක් තිස්සේම එම ක්‍රියාව සිදුකර ඇති බවත් එම ක්‍රියාව සිදු කරන්නේ කවුද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා පැමිණිලිකාර නිවෙස් හිමියා එහි සී.සී.ටී.වී. කැමරාවක් සවිකර ඇති බවත්, පසුදා උදෑසන එම කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අසල නිවෙසක ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින් සිටි සැකකාර පුද්ගලයා එම ක්‍රියාව සිදුකර ඇති බවට පැමිණිලිකරු හඳුනාගෙන ඒ බව කොහුවල පොලිසියට දන්වා ඇති බවත්ය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ කොහුවල පොලිසියේ පොලිස් කොස්තාපල් නලින් (6495) මහතා කියා සිටියේ සැකකාර පුද්ගලයා එම නිවෙසට ඇතුළුවීම සඳහා නිවෙස අසල තිබූ ගසක් උපයෝගි කරගෙන ඇති බව කැමරා දර්ශනවල සඳහන්ව තිබෙන බවයි.

කුමුදු උපුල් ශාන්ත
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment