ඒ කාලෙ ආබාධිත රණවිරුවන්ට සැලකූ හැටි කියන්න ගිය බන්දුලට ප්‍රශ්නයක්


 ඊයේ (8දා) දින ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අපේ කාලයේ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන කැබිනට් පත්‍රිකාව සම්මත වෙලා
තිබුණා. යයි කියූ පසු මාධ්‍ය වේදීන් හා ඔහු අතර වාදයක් හටගත්තා.

ප්‍රශ්නය - කැබිනට් පත්‍රිකාව සම්මත වුණු අවුරුද්ද මොකක්ද?

පිළිතුර - 2014 දෙසැම්බර්.

ප්‍රශ්නය - අවුරුදු 30ක් යුද්ධ කරලා 2014 දෙසැම්බර් වෙනකල් ඉන්න ඕනේද යුද්ධ කරපු ඒ හමුදා නිලධාරීන් වෙනුවෙන් විසඳුමක් ලබා දෙන්න?
පිළිතුර - කැබිනට් පත්‍රිකා එකක් නෙවේනේ. දහස් ගාණක් ඉදිරිපත් කරනවා. හැම ඇමැතිවරයෙක්ම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනවා. ප්‍රමුඛතා අනුවයි ඒවා ඉදිරිපත් වෙන්නේ.

ප්‍රශ්නය - තමන්ගේ ශරීරයේ අවයව පූජා කරලා රට බේරලා දුන්න ඒ මිනිසුන්ට කැබිනට් පත්‍රිකාවක් දාලා මේ දේවල් අරන් දෙන්න තරම් ඔබතුමාලාට වෙලාවක් තිබුණේ නැත්තේ ඊට වඩා වැදගත් කටයුතු තිබුණ නිසාද?

පිළිතුර - ආරක්ෂක අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගනිද්දි ඒවා අංශ කීපයකටම යනවා. කැබිනට් පත්‍රිකාවක් එක දවසකින් ඉදිරිපත් කරන්න බෑ. ඊට වඩා ප්‍රමුඛ අවශ්‍යතා වෙනුවෙන් ඒ කාලේ රජය කැපවෙලා හිටියේ. ඔවුන්ට අරමුදල් හදලා දීලා, නිවාස හදලා දීලා ඔවුන්ට රෝහල් පහසුකම් ලබා දෙන්නයි අපි උත්සාහ කළේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment