ප‍්‍රබල ඇමති අගමැතිට අඳී.. මහ නාමිහියන්ගේ ආශිර්වාද ගෙන යාග-හෝම කටයුතුත් කරගනී..

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට මේ දිනවල අමුතුම වාසනාවක් පෑදී තිබේ. ඒ තම බිරිඳ රටේ ප‍්‍රබල තරුණ කාන්තාවකට රහසින් සිදු කරමින් සිටින උදවු පදවු හේතුවෙනි. 

මේ නිසා ඔහු බලාපොරොත්තුව සිටි අගමැති තනතුර ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් ලබා ගැනිමට පොට පෑදි ඇතැයිද සමීපතමයෝ කියති. ඉහත කී වාසනාව උදාවූයේ කිසිවකු නොසිතු ආකාරයේ මෑතකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගි ආ මහා බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවන් නිසා නැගි එන ජනතා විරෝධය මෙන්ම රටේ ඇතිවී ඇති දේශපාලන කුණාටුව නිසාය.

මෙය තත්වය අතර ඔහු ආණ්ඩුවේ එජාප පර්ශවය මෙන්ම ශ්‍රීලනිප කණ්ඩායම අතරද නොයෙකුත් සාකච්ඡා පවත්වමින් යයි. දේශපාලන අර්බුදය මැද යම් අවස්ථාවක් පැන නැගුනොත් විකල්පයක් ලෙස අගමැතිවයෙකු තෝරා ගතයුතුය. ඒ අනුව පසුගිය වර කිසිවෙකු නොසිතු ලෙස බස්නාහිර පලාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ඉසුර දේවප‍්‍රිය පත් කල ආකාරයෙන්ම ඉහත කී ප‍්‍රබල ඇමතිවරයා පත්කිරීමට ඉඩ ඇතැයිද දේශපාලන කවයන්හි රහසේ සාකච්චා වෙමින් ඇත.

මෙම ප‍්‍රබල ඇමතිවරයා සිය පවුලේ උදවියද සමග මහනායක හිමිවරුන් මුණගැසීමට හදිසියේම ගිය රාත්‍රි නවාතැන් පහසුකම් සපයා තිබුණේ මහනුවර දළදා මාලිගාවට පමණක් දෙවෙනි වන මාලිගාවකි. එහි සිට හෙලිකොප්ටර් යානා මගින් අනුරාධපුරය ඉගිලිනු පිරිස එහි මාලිගාවක නැවති සිටිමින් ඉතා රහසිගතව රජරට සුප්‍රසිද්ධ යාග හෝම සිදු කරන කාන්තාවක් මුණගැසී ඇත.

එම යාග හෝම කරන කාන්තාව බැහ දැකීමට රටේ ප‍්‍රබලතමයන් නිතර යන එන බවද ප‍්‍රසිද්ධය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment