දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම්

රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ඇතිවී තිබෙන වර්ෂා තත්ත්වය දිගටම පැවතියහොත් කඳුකර ප්‍රදේශ නායයාමටත්, පස් කණ්ඩි කඩාවැටීමටත් හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.

මේ අනුව ගාල්ල, රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ඇති සියලුම කඳුකර බෑවුම් ප්‍ර‘දේශ, නිර්මිත බෑවුම් සහ මාතර දිස්ත්‍රික්කයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇති ප්‍ර‘දේශවල මෙම අවදානම් පවතින බවද එම ආයතනය සඳහන් කරයි.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment