ජී.එල් පීරිස් ශ්‍රීලනිපයෙන් දොට්ට!

ජී.එල් පීරිස් ශ්‍රීලනිපයෙන් දොට්ට!

හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් ඔහුගේ සාමාජිකත්වය නිතැතින්ම අහෝසි වන බවයි.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත්වී සිටින මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වී තිබේ.

 

එමෙන්ම ඉදිරියේදීත් නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් ඔහුගේද පක්ෂ සාමාජිකත්වය නියත වශයෙන්ම අහෝසි වන බව නිදහස් පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment