ආබාධිත රණවිරුවන් තවදුරටත් උපවාසයේ

ආබාධිත රණවිරුවන් තවදුරටත් උපවාසයේ

තමන්ට හිමි සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකය. 

වසර 12ක සේවා කාලය සම්පූර්ණවීමට පෙර විශ්‍රාම ගිය ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා මෙම උපවාසය ආරම්භ කළේ පසුගිය 31 වැනිදායි.

මෙම මාරාන්තික උපවාසය පිළිබදව සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඊයේ (04) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වනු ලැබූ අතර ආබාධිත රණවිරුවන් උපවාසයේ නිරත වන ස්ථානයට ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment