'එල්.ටී.ටී.ඊ. සැමරුමකට ඉඩක් නෑ' - මනෝ ගනේෂන්

'එල්.ටී.ටී.ඊ. සැමරුමකට ඉඩක් නෑ' - මනෝ ගනේෂන්

උතුරේ යුද සමයේදී මිය ගිය දෙමළ වැසියන් සැමරීමට හැකි වුවත්, තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය සමරා උත්සව පැවැත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ (21) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. ය සැමරීමට කිසිදු ඉඩක් නොලැබෙන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment