රජයේ වෛද්‍යවරුන් යළි උද්ඝෝෂණයකට සූදානම්

රජයේ වෛද්‍යවරුන් යළි උද්ඝෝෂණයකට සූදානම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 28 වැනිදා දිවා පැයේදී උද්ඝෝෂණයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ, 2017 අයවැය යෝජනා මගින් නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රාජ්‍ය සේවයට අගතියක් සිදුවන බව පවසමින් හා ඊට විරෝධය දක්වමිනි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටි සියලූ රෝහල් ඉදිරිපිටදි මෙම උද්ඝෝෂණය සිදුකරන බවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment