ඩියුටිෆ්‍රී බඩු ගෙන්වාදෙන රැවටිලිකාර සිකියුරිටි කෙනෙක් අරලියගහ මන්දිරයේ


තීරු බදු රහිත මිලට විදුලි භාණ්ඩ ලබා දෙන බව කියන අරලියගහ මන්දිරයේ ආරක්ෂකයකු ලෙස පෙනී
සිටි පුද්ගලයකු විවිධ පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් වංචා කිරීමේ සිද්ධික් ගැන අගමැතිවරයාට
හා ‍පොලිස්පතිවරයාට පැමිණිලි ලැබිමෙන් පසු එම තැනැත්තා අල්ලාගන්නට පරීක්ෂණ අරඹා ඇත.
 ඩබ්ලිව්.ඒ. කුමාර නිමන් පෙනී සිටින මෙම පුද්ගලයා

ගැන මුල්වරට වාර්තාවී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 25වනදාය.
 ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට තීරු බදු රහිත මිලට විදුලි භාණ්ඩ ලබාදෙන බව පවසා අරලියගහ මන්දිරය ඉදිරිපිටට එන්නැයි දන්වා ඇති මෙම පුද්ගලයා  ව්‍යාපාරිකයා පැමිණි පසුව රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ගෙන අරලියගහ මන්දිරය තුළට ගොස් ඇති අතර පසුව දීර්ඝ වේලාවක් බලා සිටියත් එම තැනැත්තා පැමිණ නැත. ඔහු අතුරුදන් වූ බවට පැමිණිල්ලක්
අදාළ ව්‍යාපාරිකයා විසින් අගමැතිවරයාට හා ‍පොලිස්පතිවරයාට යොමු කර ඇත්තේ ඉන් පසුවයි.
මේ පුද්ගලයා මොනරාගල මැදගම පදිංචි ප්‍රභූ ආරක්ෂක සේවයට අනුයුක්ත නිලධාරියෙකු බවත් වාර්තාවෙයි.
කොල්ලුපිටිය ‍පොලිසියට මොහු සම්බන්ධ පැමිනිලි කිහිපයක්ම ලැබී ඇති අතර මේ ගැන පරීක්ෂණ අරඹා ඇත.
කැමරා පද්ධති සවිකර ඇති අරලියගහ මන්දිරයේ අධි ආරක්ෂිත කලාපය තුළදීත් මිනිසුන් රවටන්නට ඔහු උත්සාහ දැරීම ගැන පොලිසිය පුදුමවී තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment