යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය හා ඇගේ මව රිය අනතුරක



යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය හා 
ඇගේ මව රිය අනතුරක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ගාල්ල පිවිසුම ආසන්න පළමුවැනි සැතපුම් කණුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක් වුණා. ලොහාන් රත්වත්තේගේ දියණිය වන යොහානා හෙවත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියද ඇගේ නැගණියද එම අවස්ථාවේ වාහනයේ ගමන් කරමින් සිටියා.
ඔවුන් ගමන් කළ ජීප් රථයට
පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු පදවාගෙන ගිය අනෙක් රථය මුහුණට මුහුණලා ගැටී ඇති අතර මෙම අනතුරින් වාහන දෙකටම අලාභ සිදුවුණා.

50 හැවිරිදි පෙත්තහැන්නදිගේ එලීන් ඇවන්ඩා නිලූකා රත්වත්තේ හා දියණියන් දෙදෙනා සුළු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණ බව සටහන් කර තිබේ. ඔවුන්  පසුව සුවය ලබා පිටව ගොස් ඇත.
අනතුර සැලවූ වහාම යෝෂිත රාජපක්ෂ මහතාද එම ස්ථානයට කුඩයක්ද ඉහළාගෙන පැමිණ තිබුණි.
 මෙම අනතුර ඊයෙ රාත්‍රියේ 11.30 පමණ සිදු වී ඇති අතර කාර් රථය පින්නදූව පිවිසුම පිටවී ගාල්ල දෙසට ගමන් කර ඇති අතර
මාතර දෙසින් පැමිණි ජීප් රථයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ ගමන් කරමින් සිටියදී මුහුණට මුහුණලා අනතුරට ලක්වී ඇත. කාර් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර උපකාරක පන්ති ගුරුවරයෙකුවූ ඔහුටද තුවාල සිදු විය.






(ඡායාරූප - ඔක්ෂාන් කුමාර -අක්මීමණ)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment