වාද්දුව පෝද්දරමුල්ලේ දුම්රිය යද්දී රේල් පාරට දැමූ කාර් එකේ 5 ක් මරුට



වාද්දුව පෝද්දරමුල්ලේ දුම්රිය යද්දී 
රේල් පාරට දැමූ කාර් එකේ 5 ක් මරුට

වාද්දුව පොතුපිටිය පෝද්දරමුල්ල ප්‍රෙද්ශයේදී අද අවාසනාවන්ත අනතුරක් සිදු වුණා.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය ගණන 5 කි.
 දුම්රිය හරස් මාර්ගය හරහා
මෝටර් රථයක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් වේගයෙන් ඇදී ගිය අතර එහි සිටි පිරිමි පුද්ගලයින් 5 දෙනා මියගියා.

ඔවුන් අවුරුදු 43, 45, 49, 53 සහ 60 යන වයස්වල වාද්දුව, වස්කඩුව සහ කුඩා වස්කඩුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. මේ වනවිට මළ සිරුරු පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතයි.






Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment