තුන්කොන් සටනේ කිරුළ ශ්‍රී ලංකාවටයි

තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

ඒ ප්‍රතිවාදි සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 6කින් පරාජයට පත්කරමිනි. සිම්බාබ්වේ බුලවායෝ හි පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

කෙසේ වෙතත් ඔවුන්ට පන්දුවාර 36.3දී සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160ක් පමණි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 37.3කදී ජයග්‍රහණය තහවුරු කළේ කඩුළු 4ක් පමණක් බිඳ වැටී තිබියදීය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් හා උපුල් තරංග නොදැවී ලකුණු 57ක් ලබා ගනිමින් කණ්ඩායමට ජයග්‍රාහි මාවත විවර කරදීමට සමත්විය. ඒ අනූව සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා‍ කොදෙව් තුන්කොන් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ‍කිහිප දෙනෙකු නොමැතිව පළපුරුදු ක්‍රීඩකයෙකු ලෙස උපුල් තරංග මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමද විශේෂත්වයකි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment