ව්‍යාජ ඔප්පු, ලිපි ලේඛන සැකසූ තැනක් වටලයි

ව්‍යාජ ඔප්පු, ලිපි ලේඛන සැකසූ තැනක් වටලයි

ව්‍යාජ ඔප්පු හා ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඇඹිලිපිටිය, පනාමුර මාර්ගයේ- 1 කණුව ප්‍රදේශයේ නිවසක මෙම ව්‍යාජ ඔප්පු හා ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරම  සිදු කර ඇති බව පොලීසිය පැවසුවේය.

ව්‍යාජ ලෙස සැකසූ ඇටෝනී බලපත්‍ර 212ක්, පිස්කල් අණකර 100ක්, පත්තිරු පොත් ඇතුළු විවිධ ලිපි ලේඛන එහිදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment