පවතින වැසිසහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන රියැදුරන් රථවාහනවල ඉදිරිපස පහන් දල්වා ධාවනය කරන ලෙස දක්ෂණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කාර්යාලය ඉල්ලීමක් කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව පවතින දැඩි වර්ෂාව හේතුවෙන් අදුරු ස්වභාවයක් ගෙන ඇති බව එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් රථ වාහන ධාවනය කරන ලෙස ද රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරන බව ඔහු පැවසී ය.
මාර්ගය ලිස්සන සුළු බැවින් අනතුරු වලක්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා රියැදුරන්ට දැනුම් දෙයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment