ක්ෂේත්‍රයේ කෙනෙක් එපා - ව්‍යාපාරිකයෙක් නම් හොඳයි - තාරුකා

රංගන ශිල්පිනි තාරුකා වන්නිආරච්චි පසුගිය සතිඅන්තයේ පුවත්පතකට සිය විවාහය සිදුවිමට අපේක්ෂිත ආකාරය ගැන විස්තර කර තිබේ. ඒ මෙසේය.

එතකොට පෙම්වතා?



තාම එහෙම කෙනෙක්‌ තෝරාගෙන නෑ ඉතිං...

යෝජනාවක්‌ ආවොත් තෝරාගන්න ලෑස්‌තිද?

ම්...... හිතලා බලන්න පුළුවන් නේද...



කොහොම කෙනෙකුටද තාරුකා කැමැති?

මං එහෙම ලොකුවට හිතලා නෑ මේ වගේ කෙනෙක්‌ විය යුතුයි කියලා. නමුත් අවංක කෙනෙක්‌ වුණොත් හොඳයි.

දැන් එතකොට විවාහ වෙන්න හිතන් ඉන්නේ කොයි කාලේද?

තව අවුරුදු තුනකින්. ඉදිරි අවුරුදු තුන ඇතුළත විය යුතුමයි විවාහය.

සමහරු ජනප්‍රියත්වයට බාධා වෙයි කියලා විවාහය පස්‌සට දානවා නේද?

ජනප්‍රියත්වය කියලා මගේ පුද්ගලික ජීවිතය අමතක කරන්නත් බෑනේ නේද....

මොන විදිහේ මනාලියක්‌ විදිහට සැරසෙන්නද කැමැති?

උඩරට මනාලියක්‌ විදිහට

මේ ක්‌ෂේත්‍රයේම කෙනෙක්‌ වුණොත්?

මේ ක්‌ෂේත්‍රයේ ඉන්නෙත් ඉතිං මනුස්‌සයොනේ.... නේද.... එහෙම ප්‍රශ්නයක්‌ නැහැ. එහෙම යෝජනා ඇවිල්ලත් නැහැ තාම, ඒ වගේම ඒ ගැන හිතලත් නැහැ මං තාම. හිත ගිය තැන මාලිගාව කියනවනේ. බලමුකෝ නේද... හැබැයි ඉතිං මටත් හිතෙනවා මං මේ ක්‌ෂේත්‍රයේ කෙනෙක්‌ තෝරා ගනී කියලා හිතන්න අමාරුයි කියලා.

ව්‍යාපාරිකයෙක්‌ වුණොත්?

ඒත් කමක්‌ නෑ.....

(සටහන - යුගන්ති යශෝදරා)


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment