උතුරේ මහවිරු සැමරුම් සිදුකළ අයුරු (PHOTOS)

උතුරේ මහවිරු සැමරුම් සිදුකළ අයුරු (PHOTOS)

යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සැමරීමේ වැඩසටහන් රැසක් ඊයේ (27) උදෑසන සිට රාත්‍රිය වනතුරු දේශපාලනඥයින් මෙන්ම මහවිරුවන්ගේ ඥාතීන් එක්ව උතුරේ ස්ථාන කිහිපයකදී පැවැත්වීය.

ඒ අනුව යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ මහවිරුවන් මිහිදන් කළ ස්ථානයක ද මහවිරුවන්ගේ ඥාතීන් විසින් සැමරුම් පැවැත්වූ අතර යාපනය කෝපායිහි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පහන් දල්වා මහවිරුවන් සැමරීම සිදු කළේය.

එහිදී අදහස් දැක්වූ සිවාලිංගම් මන්ත්‍රීවරයා කියාසිටියේ අදාල යුද හමුදා කඳවුරු ඉදිකොට ඇත්තේ මහවිරුවන් මිහිදන් කළ ස්ථානයක බැවින් ඕනෑම අයෙකුට ඕනෑම ස්ථානයක මහවිරුවන් සැමරීමට අයිතියක් ඇති බැවින් මෙසේ යුද හමුදා කඳවුරු ඉදිරිපිටදී සැමරුම් උත්සව පැවැත්වූ බවයි.

මේ අතර කිලිනොච්චිය කනකපුරම් හා මුලංකාවිල් ප්‍රදේශයන්හි මහවිරු සුසාන භූමි පැවති ස්ථානයන්හි මහවිරුවන්ගේ පවුල් වල ඥාතීන් 1000කට වැඩි පිරිසක් රැස්ව මිය ගිය මහවිරුවන් සමරනු ලැබූ අතර මෙහි ප්‍රධාන ආරාධිතයින් වූවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ එස්.ශ්‍රීධරන් යන මහත්වරුන්ය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment