අත කොටා උසාවිය අසළදී මාධ්‍ය වේදීන්ට තර්ජනය කරලා




දැරණියගල නුරිවත්ත වතු අධිකාරිගේ ඝාතනයට අදාළව ඊයේ අවිස්සාවේල්ල මහාධිකරණයේදී මරණ දඬුවම
නියම වූ පළමු චුදිත වන දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ නොහොත් ‘අතකොටා ඊයේ දිනයේ පුවත්පත් අධිකරණ මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය කිරීමේදී බැණවැදී තර්ජනය කර තිබෙන බව වාර්තාවේ.

සිද්ධිය ආවරණය කිරීමට ගිය ඡායාරූප ශිල්පීන්ට ‘ඔබට සතුටුයි ද දැන් මල්ලී‘ ‘හා හා ඇති තරම් ගන්න ළඟදීම එළියට ආවම බලාගන්නංකො‘ යනාදී වශයෙන් පවසා තර්ජන කර ඇතැයිද වාර්තාවේ.
 කිහිප වතාවක්ම ඡායාරූප ශිල්පීන් වෙත තර්ජනය කැර ඔවුන් ගැටුමකට පොළඹවා ගැනීමට තැත් කළ බවත් මරණ දඩුවම ලද ආවේගශීළී අවස්ථාවක් වූ බැවින් මාධ්‍යවේදීන් ඔහුගේ ක්‍රියාකලාපය ඉවසූ බවත් වාර්තාවේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment