කිරිපිටිවල මිලෙහි කිසිදු වෙනසක් නෑ

කිරිපිටිවල මිලෙහි කිසිදු වෙනසක් නෑ

ආනයනික කිරිපිටි මත වැට් බදු පැනවීම හේතුවෙන් කිරිපිටි මිල කිසිදු අයුරකින් වැඩි නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ සම්බන්ධව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එම නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන නව සංශෝධිත වැට් බදු පනත මගින් ආනයනික කිරිපිටි, වැට් බද්දට යටත් කරන ලදී. එහෙත් දැනටමත් කිරිපිටි වර්ග සඳහා උපරිම සිල්ලර මිල පාලනයක් නියම කර ඇති බැවින්, අදාළ ආනයනික සමාගම්වලට අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමට හැකියාවක්  නොමැත. අලුතින් පනවා ඇති මෙම නව වැට් බද්ද මත කිරිපිටි මිල වැඩි කිරීමට හෝ එම බද්ද ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ජා කිරීමට සූදානම් බව එම සමාගම් විසින් දන්වා ඇත.

කිරිපිටි ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණුවල සත්‍යතාවයක් තිබේ නම්, ඒ පිළිබඳ ව සොයා බලා ඔවුන්ට වෙනත් සහනයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් දැනට පාරිභෝගික අධිකාරිය මගින් පනවා ඇති, කිරිපිටි ග්‍රෑම් 400 ක් සඳහා රුපියල් 325 ක් ද, කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 810 ක් ද වන පාලන මිල කිසිදු අයුරකින් වෙනස් නොවන බව  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment