හැඳුනුම්පතින් ගසා කෑ යහපාලන අවලම් බල්ලෝ…කොමසාරිස්වත් දොට්ට දමයි

රුපියල් 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රුපියල් 80ට දෙන්නැයි එල්ලකල දේශපාලන බලපෑම්වලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.මෙම ගැටුමේ ප්‍රතිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනය පහතින්,

රු. 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රු. 80 ට දෙන්නට බෑ කියූ පුද්ගලයින් ලියපාදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර සංචිතයට?

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමෙ යෝජිත විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රධානය හේතුවෙන් මෙම ගැටුම මතුවී ඇත.එම දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සැදුම් ලත් ප්‍රසම්පාදන කමිටුවක් මඟින් අදාල ටෙන්ඩර් මිළ ගණන් පිළිබඳ විමසීම් සිදුකරමින් සිටින අතර එම හැදුනුම්පත් සඳහා ලැබී ඇති අවම ටෙන්ඩරය රුපියල් 40.00 කි. නමුත් එම ටෙන්ඩරය රුපියල් 80.00 මිල සඳහන්වූ අයදුම්පතක් සඳහා ලබාදෙන දේශපාලන බලපෑම් එල්ල වී ඇත. ඒ සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර් එම් එස් සරත් කුමාර මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇත.

මෙම ගැටුමේ ප්‍රථිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පසුගිය සමයේ කැෆේ, පැෆරල් හා සීඑම්ඊවී ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග එක් වී හැදුනුම්පත් නොමැති පුද්ගලයින් වෙත සහන සැලසීමේ පුළුල් ව්‍යාපාරයක නිරත විය.

ගල් අඟුරු වංචාව සහ බැඳුම්කර වංචාව ආදී වත්මන් යහපාලන රජයේ ඉස්මතුවී ඇති වංචා දූෂණ මාෆියාව විසින් රාජ්‍ය යාන්ත්‍රණයෙන් දුෂණයට එරෙහි නිළධාරීන් පන්නා දැමීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වනු ඇතැයි කැෆේ සංවිධානය අපේක්ෂා කරයි.



from http://ift.tt/2eUbhSP http://ift.tt/2fyiCGg
via IFTTT
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment