වර්ජනයට සැරසෙන බස් සංගමයේ අවුලක්?

වර්ජනයට සැරසෙන බස් සංගමයේ අවුලක්?

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක, අංජන ප්‍රියන්ජිත් මහත එම තනතුරු දෙකෙන්ම තාවකාලිකව ඉවත් කළ බව එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පවසයි.

සභාපතිවරයා කියාසිටියේ තම සංගමයේ අනුදැනුමකින් තොරව සාකච්ඡා සඳහා සහභාගිවීම සහ ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙන මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ තමන් තවදුරටත් එම සංගමයේ තනතුරු හොඹවන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment