ඇබ්බැහි නොවිය යුතුම දෙයක් ගැන ජනපති කියයි

ඇබ්බැහි නොවිය යුතුම දෙයක් ගැන ජනපති කියයි

වේගවත් භෞතික සම්පත් සංවර්ධනය සහ අධි තාක්ෂණික දියුණුවත් සමඟ තාක්ෂණික මෙවලම්වලට ඇබ්බැහි නොවී ඉන් මනස ඉවත් කරගෙන ජීවත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්ස්වයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,"වේගවත් භෞතික සම්පත් සංවර්ධනයත් සමඟ අධි තාක්ෂණික දියුණුවත් සමඟ අපි කොතෙක් දුරට අධ්‍යාත්මිකව පිරිහෙනවා ද ?  අපි සමාජයේ කොතෙක් දුරට තේරුම් ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා ද ? පරිගණකය ජංගම දුරකථනය මාධ්‍ය ඒ බොහෝ දේවල් එක්ක බොහෝ විට යෞවනත්වය, ගැටවර වයස, තාරුණ්‍යය බැදී තියෙනවා. ඒ බැදී තියෙන තාක්ෂණික මෙවලම් එක්ක අපි කොතෙක් දුරට තාක්ෂණික මෙවලම් එක්ක අපි අපේ මනස ඉවත් කරගෙන අපි බලාපොරොත්තුවෙන ලෝකය තියෙන්නේ තාක්ෂණික මෙවලම් එක්ක නොවේ කියන එක අපි පැහැදිලිව තේරුම් ගැනීම ඉතා අවශ්‍යයයි. කොළඹ නගරය සියල්ලෙන් පිරුණු නගරයක්. හොද දේ නරක දේ මෙන්ම සුබ දේ සහ අසුබ දේ බොහෝ තියෙනවා. කළු මෙන්ම සුදුත් සුදු මෙන්ම කළුත් දැඩි ලෙස අධි සංකීර්ණ වූ නාගරික සමාජය තුළ තියෙනවා"යනුවෙන් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment