බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට තවත් චෝදනාවක්

බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට තවත් චෝදනාවක්

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ පුද්ගලයන් ස්කාගාර මිලදී ගෙන මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් එතනෝල් ශ්‍රී ලංකාවට ගෙන්වන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 24 වැනිදා බේරුවල සම්බන්ධීකරණ රැස්වීමේදීය.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මේ පිළිබඳව තමන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද කතා කළ බවයි.

එසේම කෘත්‍රිම රා නිෂ්පාදකයන්ට එරෙහිව පියවර ගන්නා බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

ස්කාගාරවලට මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා කෘත්‍රිම රා ගෙනෙන බවත් පසුගිය රජයේ කළුතර දිස්ත‍්‍රික්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකු ද කෘත්‍රිම රා සපයා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment