පාසල් රෝහල් ආපන ශාලාවලින් ක්‍ෂණික පානවර්ග ඉවතට


රෝහල් ආපනශාලාවල අලෙවි කරන ක්‌ෂණික පාන වර්ග වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සියලුම රෝහල් අධ්‍යක්‍ෂකවරුන්ට
දැනුම් දී ඇත.
මෙම පාන වර්ග රෝහල්වලින් ඉවත් කිරීමත් සමඟ පාසල් ඇතුළු රාජ්‍ය ආයතනවල

ආපනශාලාවලින්ද ඉවත් කිරීමට චක්‍රලේඛයක්‌ මගින් කටයුතු කරන බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 දා සෞඛ්‍ය අමාත්‍යංශයේදී රෝහල් අධ්‍යක්‍ෂකවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මෙසේ උපදෙස්‌ දී තිබේ.

වෙළෙඳ පොළේ අලෙවියට තබා ඇති මෙම ක්‌ෂණික පාන වර්ගවල අඩංගු සීනි ප්‍රමාණය අධික බවත් ඒවා රෝහල් ආපන ශාලාවල අලෙවියෙන් ඉවත් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අධ්‍යක්‍ෂවරුන්ට දැන්ම් දී තිබේ.


චමින්ද සිල්වා
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment