ඇමති විජේදාසගේ භික්ෂූන් සිවුරු උස්සන් දඟලන කතාවට ඥාණසාර හිමි කිපිලා


කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ පෙරේදා (22)  පැවති මාධ්‍ය හමුවකදී
ඇතැම් හාමුදුරුවරු සිවුරු උස්සගෙන දඟලමින් ප්‍රශ්න ඇති කරන බවත් ඉදිරියේදී එවැනි අය අත්අඩංගුවට
ගන්නා බවත් පවසමින්  අධිකරණ කටයුතු

සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා භික්ෂූන්
වහන්සේලාට කරන ලද තර්ජනය තමන් වහන්සේ තරයේම හෙළා දකින බව බොදුබල සේනා සංවිධානයේ
‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා ඇත.

‘දැන් රටේ අන්තවාදීන් ක්‍රියාත්මක වෙලා. මේ හැමෝටම විදේශීය සංවිධානවල ආධාර අනුබලය ලැබෙනවා.
මෙවැනි අවස්ථාවලදී භික්ෂූන් වහන්සේ ඉදිරියට ආවේ නැත්නම් කවුද ඉන්නේ
තවත් අපට පන්සල්වලට වෙලා රසමසවුළු වළඳමින් සැනසිල්‍ලේ සැතපෙන්න බැහැ.එහෙම තියෙද්දි අපි සිවුරු උස්සගෙන දඟලමින් ප්‍රශ්න ඇති කරනව කියල ඇමති විජේදාස කියල තියෙනවා ”උන්වහන්සේ පැවසූහ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment