බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවදුරටත් - ඉදිරියේදී තද වැසි

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවදුරටත් - ඉදිරියේදී තද වැසි

බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති පීඩන අවපාතය දිවයිනට ඊසාන දෙසින් කිලෝමීටර් 800 ක පමණ දුරින් ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ඍජු බලපෑමක් දිවයිනට නොපැවතුණ ද අද (04) දිනය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තද වැසි සහ ප්‍රබල අකුණු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment