පැනගියා යයි සිතූ අර්ජුන මහේන්ද‍්‍රන් ඊයේ සවස ලංකාවට ඇවිත්


මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්  කථාබහට ලක්වූ හිටපු මහබැංකු අධිපතිඅ ර්ජුන මහේන්ද්‍රන් මහතා
ඊයේ සවස 4 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්.
307 යානයෙන් කටුනායක ගුවන් තොටුපලට

පැමිණ ඇත.
ඔහු කෝප් කමිටුවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින ඔහු සිංගප්පූරුව බලාගිය අතර මේ නිසා ඔහු රටින් පැනගිය බවටද කතා කිර්මාණය විය. පසුව පැවසුනේ ඔහු මංගල උත්සවයකට සහභාගීවීමට එහි ගිය බවකි.
අර්ජුන මහේන්ද්‍රන් මහතා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඍජුවම වගකිව යුතු බවත් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙසත් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබුණ නමුත් එවැනි පියවරක් දක්වා යන්නට තවම නීතියෙන් ඔහුව වරදකරුවෙකු කර නැත.
ඒ නිසා ඊයේ ඔහු කටුනායකදී වාහනයක නැගී ගෙදර ගියේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment