අානයනික වාහන සඳහා වැට් බද්ද බලපාන්නේ නෑ 

අානයනික වාහන සඳහා වැට් බද්ද බලපාන්නේ නෑ 

ආනයනික වාහන සඳහා වැට් බද්ද බල නොපාන බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියාසිටින්නේ වැට් බදු හේතුවෙන් වාහන මිල ඉහළ යන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

වාහන මිල වැඩිවීම සිදුවන්නේ ආනයනික මිලෙහි වැඩිවීමක් සිදු වුවහොත් පමණක් බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.

කෙසේවුවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා ප්‍රකාශ කළේ විදේශ විනිමය අනුපාතය සහ රජයේ බදු ප්‍රතිපත්තියෙහි වෙනස්වීම් හේතුවෙන් මෝටර් රථ මිල ඉහළ යෑමක් සිදුව ඇති බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment