සිරස මුදලාලිට රනිල්ගෙන් කුණු බැනුම්….මංගලවත් චාටර් කරලා

තමන් ඉලක්ක කර මඩ ගහන කීළිට ලගදිම පාධමක් ඉගැන්වීමට තමන් සුදානම් බවත්,බැදුම්කර ගණුදෙනුව දඩමිමා කරගනිමින් තම්න්ට මාධ්‍ය හරහා මඩ ගසා එලවා දැමිමට නොහැකි බව පවසමින් සිරස මුදලාලි කිලී මහරාජාගේ ලගම ගොලයෙකුට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පලු යන්නට බැණ වැදුන බව රනිල් පිළේ ප්‍රබලයයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

බැදුම්කර ගනුදෙනුව හරහා සිදුවු වංචනික ක්‍රියාවලිය අල්ලගෙන සිරිස ඇතුලු කිළිගෙ නාලිකා සියල්ලම රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර පහරදිම සිදුකරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් රනිල් පිළේ ප්‍රභලයන් අගමැතිවරයාගේ අවධාණය යොමුකර තිබේ.පසුව ඒ අවස්ථාවේම දුරකතනයෙන් කිළීගේ සමිපතමයා ඇමතු රනිල් ඔහුට බෑණවැදි ඇති බව එජාප ප්‍රභලයා සදහන් කර ඇත්තේ .

මේ අතර එම බැනුම් වැදිමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංනිවේදන බලකා ප්‍රධානී අමාත්‍ය මංගල සමරවිර මහතාටද අගමැතිවරයා දුරකතන්යෙන් කතාකර පාච්චල් කරමින් කතාකර තිබේ.”මොනවාද මංගල…..ඔයාලට දැන් වැඩ බෑ…කෝ ඔයාලගේ web ඉස්සර හැම එකම ඔයාගේ දැන් එක මගුලක් වත් නෑ…ඔක්කොම කටින් විතරයි….”යනුවෙන් දිග කතාවක් කියමින් රනිල් වික්‍රමසිංහ මංගලව චාටර් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් කිරිම සදහා මිට වසර ගණනාවකට පෙර සිරස මුදලාලි ආරම්භ කර ව්‍යාපෘතිය දැන් යලි පටන්ගෙන ඇති බවත් ..කිළී පසුපස මේ ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක්ද සිටින බව රනිල් පිළේ ප්‍රබලයා අප වාර්තාකරු හමුවෙ අනාවරණය කර තිබේ.ඉදිරි දින කිහිපය තුල රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර පහර දෙන කණ්ඩායම් මර්දණය කිරිම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කරන බවද එජාප රනිල් පිළේ ප්‍රබලයා අප වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment