පොලිස්, ඉඩම් බලය පළාත් සභාවට? - බලය බෙදීම ගැන යෝජනාවක් එයි

පොලිස්, ඉඩම් බලය පළාත් සභාවට? - බලය බෙදීම ගැන යෝජනාවක් එයි

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන බලය බෙදීමේ ක්‍රමය වෙනස් කළ යුතු බව (ප්‍රතිශෝධනය) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් අනුකමිටු වාර්තාවේ සඳහන් වේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන්ගේ සභාපතිත්වයෙන් යුතුව පිහිටුවන ලද මධ්‍යම - පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත මෙම වාර්තාව භාර දී තිබේ.

නීතිය හා සාමය පළාත් සභාවල විෂයයක් විය යුතු බවත් ‍පොලීසිය පරිපාලනය කිරීම මධ්‍යම රජයේ මෙන්ම ස්වාධීන පළාත් ‍පොලිස් කොමිෂන් සභාවක් විය යුතු බවත් එම වාර්තාවේ දැක්වේ. පළාත් ‍පොලිස් කොමිසම ජාතික ‍පොලිස් කොමිෂන් සභාව සමග සමීපව කටයුතු කළයුතු බවද පෙන්වා දී තිබේ.

එසේම පළාත තුළ වැරදිකරුවන්ට නඩු පැවරීම සඳහා පළාත් අභිචෝදනා ජනරාල්වරයෙකු සිටිය යුතු බවද එම වාර්තාවේ දක්වා ඇත. පළාත තුළ තිබෙන රජයේ ඉඩම් අදාළ පළාත් සභාවේ ව්‍යවස්ථාදායකය සහ විධායක යාන්ත්‍රණය පාලනය කළ යුතු බවද වාර්තාව නිර්දේශ කර ඇත.

මෙතෙක් සමගාමී ලැයිස්තුවේ තිබූ නමුත් නීත්‍යානුකූල ලෙස පළාත් සභා ලැයිස්තුවේ පමණක් ඇතුළත් විය යුතු විෂයන් ලැයිස්තුවක්ද හඳුන්වා දී තිබේ. ඒ යටතේ පුනරුත්ථාපන, සමාජ සේවා, සමාජ සුබ සාධන, ළමා සහ කාන්තා, දේශීය වෛද්‍ය, අාපදා සහන සහ කෘෂිකර්ම ලෙස අමාත්‍යාංශ මධ්‍යම රජය යටතේ පැවැතීම අසාධාරණ බවත් වාර්තාවේ දැක්වේ.

දශක දෙකකට අධික කාලයක් තිස්සේ මධ්‍යම රජය තමන්ටම ආවේණික වූ පරම බලයක් ක්‍රියාත්මක කර ඇතැයිද සියලු විෂයයන් සහ කාර්යයන් සම්බන්ධයෙන් රටේ ජාතික ප්‍රතිපත්තියක් තිබිම ගැටලු සහගත බවද පෙන්වා දී ඇත.

ජාතික ප්‍රතිපත්තියකට මුවාවී පළාත් හෝ පළාත් පාලන ප්‍රතිපත්ති අහිමි නොකළ යුතු බවත් එනිසා සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතුව ඇතැයිද එමගින් නිර්දේශ කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment