පොලිස් අශ්වයෙක් කුලප්පූවී වාහනයක් මතට ඇද වැටෙයි

පොලිස් අශ්වයෙක් කුලප්පූවී වාහනයක් මතට ඇද වැටෙයි

පසුගිය 23 වැනිදා උදෑසන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ අශ්වයකෙු නුවරඑළිය වින්සර් හන්දියේදී කුලප්පු වී මෝටර් රථයක් මතට ඇද වැටීමෙන් අශ්වයාටත් අශ්වාරෝහක පොලිස් කොස්තාපල්වරයාටත් තුවාල සිදුවී ඇතැයි නුවරඑළිය මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කරයි.

අශ්වයා මෝටර් රථය මතට ඇදවැටීමෙන් එම රථයට සහ ඒ අසලින් ගමන්ගත් තවත් වාහන 02කට ද හානි සිදුවී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

තුවාල ලැබූ අශ්වාරෝහක පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින අතර තුවාල ලැබූ යුපෙකෝ නමැති පොලිස් අශ්වයාට පශු වෛද්‍යවරයෙකු විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බව වාර්තා වේ.

දෛනික ව්‍යායාම සඳහා අශ්වයා නුවරඑළිය තුරඟ තරඟ පිටියට රැගෙන ගොස් ආපසු එමින් සිටියදී මෙලෙස කුලප්පු වූ බව සඳහන්ය.

පොලිස් කොස්තාපල්වරයා අශ්වයා හසුරුවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු බිම ඇද වැටී ඇති බවත් ඒ සමඟම අශ්වයා ද ඒ අසලින් ගමන් කරමින් තිබු මෝටර් රථයක් මතට ඇද වැටී ඇති බවත් පොලීසිය පවසයි.

නුවරඑළිය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment