'ලංකා ඊ නිව්ස්' කර්තෘ අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු 

'ලංකා ඊ නිව්ස්' කර්තෘ අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු 

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළාය.

රිවිර පුවත්හිපතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කළැයි ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව වේ. 

මේ අතර ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලෙසටද නියෝග කෙරිණි.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයටද නියෝග නිකුත් කැරිණි. 

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ මෙරට විනිසුරුවරුන්ට අපහාස කළැයි ද ඔහුට එරෙහිව පසුගියදා චෝදනා එල්ල විය.

මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කරමින්, යහපාලන ආණ්ඩුවක් ගොඩනැගීමට සුවිශාල කාර්ය භාරයක් සිදුකල ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට හෝ එහි කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අනිසි බලපෑම් නොකරන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment