උතුරේ පන්සල් හැදීමට එරෙහි යෝජනාවක් සම්මත කෙරේ

උතුරේ පන්සල් හැදීමට එරෙහි යෝජනාවක් සම්මත කෙරේ

උතුරු - නැගෙනහිර පළාත්වල බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට සහ මංගලාරාම විහාරාධිපති හිමියන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කෙරෙන යෝජනාවක් ඊයේ (24) පැවති උතුරු පළාත් සභාවේ 66 වැනි සැසිවාරයේදී සම්මත කෙරිණි.

පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී ඔහු විසින්ම එම යෝජනාව සබාවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය බහුතර ඡන්දයෙන් සම්මත විය.

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් කියා සිටින්නේ සිංහල බෞද්ධයින් නොමැති උතුරු - නැගෙනහිර පළාත්වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෞද්ගලික ඉඩම්වල විහාරස්ථාන ඉදිකිරීම නිසා ඉඩම් ප්‍රශ්න ගණනාවක් හටගෙන ඇති බවයි.

යුද හමුදාවත් සිංහල බෞද්ධ බලවේගත් රජයේ ඇතැම් පාර්ශ්වත් මේ සදහා උදවු උපකාර කිරීමත් වැරදි සහගත ප්‍රවෘත්ති දකුණු පළාත තුළ පතුරුවා හැරීමත් නිසා දෙමළ ජනතාව බෞද්ධ විරෝධී පිරිසක් ලෙස හංවඩු ගැසෙන බවද උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරු පෙන්වා දෙයි.

මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්ටත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාටත් යොමු කිරීමට එහිදී තීරණය විණි.

දිනසේන රතුගමගේ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment