2021 වසරේදී පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණය සඳහා තමා අනිවාර්යෙන්ම තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ස්ථිර වශයෙන්ම පවසා තිබේ.
ඔහු මේ බව පුද්ගලිකවම පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අධිරාජ්‍යයක් හිමි අංක එකේ ව්‍යාපාරිකයෙකුටය. තමාට ඒ සඳහා උදව් කරන මෙන් ගෝඨා අදාල ව්‍යාපාරිකයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු තරග කරන්නේ කවර පක්ෂයකින්දැයි ව්‍යාපාරිකයා කළ විමසීමට පිළිතුරු දෙමින් ගෝඨාභය පවසා ඇත්තේ 'මල් පොහොට්ටුව අත මත තැබිය හැකි එකම පුද්ගලයා තමා පමණක්' බවයි.
ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල ඔහු විසින් පිහිටුවා ගත් 'වියත් මග' නම් සංවිධානය ඔස්සේ රටපුරා දේශන හා සම්මන්ත්‍රණ පවත්වමින් සිටීමේ අවසාන අරමුණ මීළඟ ජනාධිපතිවරණය බව පෙන්වා දෙන දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, පසුගිය රජය සමයේ ඔහු සිදුකර ඇති දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිර්දේශයන් එළිදැක්වීමත් සමග 2021 වසරට පෙර ගෝඨාගේ ප්‍රජා අයිතිය අහෝසි වීම අනිවාර්ය කරුණක් යන්නයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment