කෞතුකාගාර අධ්‍යක්ෂකගේ වාහනය දියවන්නාවේ ගිලේ


කෞතුකාගාර අධ්‍යක්ෂකගේ වාහනය
දියවන්නාවේ ගිලේ

ඊයේ සන්ධ්‍යා කාලයේ 6 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි මෝටර් රථයක් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක් ඉදිරිපස පිහිටා තිබෙන පොකුණට වැටී ගිලා බැසීමට ලක්ව තිබේ.
මෙම වාහනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකුගේ නිල වාහනයක් වූ අතර එය
පදවා යන රියදුරුද


ගිලෙන අවස්ථාවේ එහි සිට ඇත.
මාර්ගයෙන් ඉවතට පැනගිය මෙම මෝටර් රථය මෙකී පොකුණට වැටීමෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් ගිලෙන්නට වූ බවත් පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී මෝටර් රථයේ රියැදුරු බේරාගත් බවත් පැවසේ.
 පැය භාගයක් යන විට මෝටර් රථය අඩි 3ක් පමණ ගිලී ඇත.අධික වර්ෂාවත් සමඟ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ලිස්සා යාමකින් මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.
අනතුරට පත් රථයේ ගමන් කිරීමට නියමිතව සිටි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු  රාත්‍රි 7.00 ට පමණ අවසන්වූ පසු වෙනත් වාහනයකින් පිටත්ව ගොස් තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment