පළාත් සභා දෙකක බලය මහින්දට… ශ‍්‍රීලනිප මන්ත‍්‍රී බහුතරය නව පක්‍ෂයට… මහ බල පෙරලියක් පෙනෙන නොපෙනෙන දුරින්..??

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් සභා දෙකක ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් අති බහුතරයක් ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පළාත් සභා දෙක 2017 වසරේදී නිල කාය අවසන් වන අතර ඉන් අනතුරුව මැතිවණය පැවැත්වීමට නියමිය.

එම මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපෂක්‍ මහතාගේ පාර්ශවයෙන් තරග වැදීම සදහා මෙම ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස නව පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා බවද වාර්තා වන අතර ඒ සමගම කිසිදු මැතිවණයකට තරග කිරීමට පෙර පළාත් සභා දෙකක බලය අත්පත් කර ගැනීමේ දුර්ලභ අවස්ථාවද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙයි.

මෙම බල පෙරලිය බොහෝ දුරට පළාත් සබාවන්හි නිල කාලය අවසන් වී විසුරුවා හැරීමට පෙර සිදුවනු ඇතැයිද පෙර කී ආරංචි මාර්ග සදහන් කලේය.

කෙසේ වෙතත් මෙම පළාත් සභා මන්ත‍්‍රීන් නව දේශපාලනන පක්‍ෂයට එක්වීම සම්බන්ධයෙන් එම ප‍්‍රදේශ නියෝජනය කරමින් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වූ එක් වූ ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීන් නොසතුටින් පසුවන බවද වාර්තා වෙයි.

ඊට හේතුව වී ඇත්තේ එම හිටපු ශ‍්‍රීලනිප පළාත් පාලන මන්ත‍්‍රී ඉදිරි පළාත් සභා මැතිවණයට නව පක්‍ෂයෙන් තරග වැදීමට සූදානමින් සිටි නිසා බවද දැනගන්නට ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment