ටිරාන් අලස් රිමාන්ඩ්

ටිරාන් අලස් රිමාන්ඩ්

උතුරු - නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ (රාඩා) හිටපු සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු සිව් දෙනකු නොවැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (02) නියෝග කළාය.  

රාඩා ආයතනයට රජයෙන් දුන් රුපියල් විසිකෝටියක් වංචා කළැයි ප්‍රතිසංවිධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු වන එමිල්කාන්තන් මහතා, රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමතුංග මහතා සහ අාචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ මහතා ද ටිරාන් අලස් මහතා සමඟ රිමාන්ඩ් කරනු ලැබීය.

පොලිස්  විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණ වලින් පසුව ඔවුන්ට විරුද්ධව නිතිපති විසින් අධි චෝදනා ගොනු කළේය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ මේ සම්බන්ධව පරික්ෂණ පැවැත් වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment