දෙහිවල සත්තු වත්තේ සතුන් ළඟදීම කූඩු වලින් ඉවතට


දෙහිවල සත්වෝද්‍යානය 2017 වසර වනවිට වෙනස්ම මුහුණුවරකට හරවන්නට සැලසුම් කර ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දන්වා ඇත. ඒ අනුව සතුන් කූඩු වල ගාල් නොකර
තැන් තැන් වල නිදහස් කලාප

ලෙස රඳවන්නට යෝජිතය. එය අනාගතයේදී  night park එකක් ලෙස හඳුන්වන්නට නියමිතය.
 පියවර තුනකින් දෙහිවල සත්වෝද්‍යානය සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරන අතර සෆාරි ක්‍රමයට සතුන් නරඹන්නට මහජනයාට අවස්ථාව ලබා දෙනු ඇත.
කූඩු නොකර සතුන්ට නිදහසේ ඉන්න විශාල ඉඩකඩක් මෙයින් හිමිවන බවත් දැනටමත් ඉදිකර තිබෙන පින්නවල නව සත්වෝද්‍යානය හා සමගාමීව මෙම ස්ථානයද ලෝකයේ නවීන සත්වෝද්‍යානවල ආකාරයට සංවර්ධනය කරන බවද පවසා ඇත.
 නැරඹීමට එන අයට මෙය අලුත් අත්දැකීමක් වන දිනය වැඩි ඈතක නැති බවද හෙතෙම දන්වයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment