හිලරිට ජයපතා නල්ලූර් කෝවිලේ පොල් ගසයි

හිලරිට ජයපතා නල්ලූර් කෝවිලේ පොල් ගසයි

එළැඹෙන 08 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ වදින ඩිමෝක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මහත්මියට ජය පතමින් යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේදී පොල් ගෙඩි 1008ක් බිඳින බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) යාපනයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී කියාසිටියේ ඇයට ජය පතමින් යාපනය කැඩීටල් මේරි කතෝලික දේවස්ථානයේ ඉටි පන්දම් 108ක් ද දල්වන බවයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලැබෙනුයේ අමෙරිකානු මැදිහත්වීමෙන් පමණක් බවත් දෙමළ ජනතාව වෙනුවෙන් හිලරි ක්ලින්ටන් මහත්මිය ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිවරිය බවට පත්විය යුතු බවත් ඒ සඳහා දේවාශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම පූජාව සිදුකරන බවත් සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අමෙරිකානු ජනාධිපතිවරණය ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment