ඩිලාන්, අමුණුගම, ෆව්සිට ඉල්ලා අස්වෙන්නැයි කියයි.. ශාන්ත බණ්ඩාර, ශිරාල්, ධර්මසිරි පාර්ලිමේන්තුවට..

සරත් අමුණුගම, එච්.එම්.එම්. ෆව්සි, ඩිලාන් පෙර්රා යන ජාතික ලයිස්තුවෙන් පත් කල ඇමතිවරුන් එම ධුරයෙන්ගෙන් ඉවත් වන්නැයි දන්වා වෙනත් ඉහල තනතුර ලබා දීමට ආණ්ඩුවේ ඉහලම තැනක සාකච්චාවක් ඇතිව තිබේ.

ඒ අනුම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට සරත් අමුණුගම මහතාත්, ඩිලාන් පෙරේරා හා ෆවුසි ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරකයන් ලෙසත් පත් කිරීම යෝජනා වී ඇත.

ඉන් පසු පුරප්පාඩු වන තනතුරු සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරත්, ජනාධිපති සම්බන්ධීකරණය ලේකම් ශ්‍රිරාල් ලක්තිලක, ධර්මසිරි බණ්ඩාරනායකක යන තිදෙනා පත් කිරීමටද එහිදී සාකච්චා වී ඇතැයි සදහන්ය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment